FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මුල් මාස අටට ඉන්ධන ආනයන වියදම 61.6% කින් නගී.. ඩොලර් බිලියන හතර පන්නයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහ බැංකු වාර්‍තාවලට අනුව, 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයන වියදම ලෙස සටහන්ව තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,520.6 කි. ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස අට තුළ ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,551.5 කින් ඉහළ ගොස් තිබේ. මේ අතර, 2026 අගෝස්තු මාසයේදී පමණක් ඉන්ධන ආනයනය සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 450.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 අගෝස්තු මාසයේ වාර්‍තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 255.2 ක අගයට සාපේක්ෂව සියයට 76.5 ක දැවැන්ත වර්‍ධනයකි. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙවර අගෝස්තු මාසයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 195.4 කින් වැඩි වී ඇත. මීට අමතරව, පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය වෙනුවෙන් වැය වූ මුදලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, 2025 අගෝස්තු මාසයේදී ඒ සඳහා වැයවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 202.9 ක මුදල, 2026 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 321.9 ක් දක්වා සියයට 58.7 ක වාර්‍ෂික වර්‍ධනයක් පෙන්නුම් කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන මඟින් අනාවරණය වේ.

Google AdSense

In-Article Ad