
Kandy Breeze Night Fest - මහනුවර නගරයේ රාත්‍රි වෙලදපල අරඹයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙම රාත්‍රී වෙළඳපොළ සඳහා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සහභාගීත්වයක් දක්නට ලැබීම මෙවරද විශේෂත්වයකි. දේශීය ආහාරපාන, හස්ත කර්‍මාන්ත සහ සුළු පරිමාණ ව්‍යාපාරික නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්‍ශන හා අලෙවි කුටි රැසක් මේ සඳහා එක් කර තිබිණි. මෙම වෙළඳ ප්‍රදර්‍ශනය මහනුවර යටිනුවර වීදිය ආවරණය වන පරිදි පස්වරු 06.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්විණි. මෙම වැඩසටහන වර්‍ණවත් කිරීම සඳහා මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්‍තමේන්තුවේ මැදිහත්වීමෙන් උඩරට, පහතරට සහ උතුරු පළාතේ ශිල්පීන්ගේ දායකත්වයෙන් සංස්කෘතික සංදර්‍ශනයක් ද, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්‍තමේන්තුවේ අනුග්‍රහය යටතේ අංගම්පොර සංදර්‍ශනයක් ද සංවිධානය කර තිබිණි. තවද, සර්‍පයන් පිළිබඳ ලොව ප්‍රථම ජාත්‍යන්තර සමුළුව වන “1st World Congress on Snakes – 2026” සඳහා මහනුවරට එක්ව සිටින විදේශීය සංචාරකයෝ පිරිසක් ද මීට එක්වූහ. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, පළාත් කර්‍මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්ම මහත්මීහු සහ මහනුවර වෙළඳ සංගම් නියෝජිතයෝ, ව්‍යවසායකයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් එක් වූහ.
Google AdSense
In-Article Ad

