
ඉරාන නැවු අපේ රට අසල රදවාගෙන ඉන්නේ ඇයි..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට යා යුතු අවස්ථාවේදී එරටට තානාපතිවරයකු යවා, තමන් ගම්පහ ප්‍රදේශයේ රැස්වීම් අමතමින් විපක්ෂ නායකවරයාගේ බිරිඳගේ සුරතල් නාමයන් ගැන කතා කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ජනතාව ජනාධිපතිවරයෙකු පත්කර ගත්තේ රටේ සංවර්‍ධනය සහ ඉදිරි දැක්ම පිළිබඳව ජාත්‍යන්තරය ඉදිරියේ කතා කිරීමට මිස, සුළු දේශපාලන රැස්වීම්වල මෙවැනි දේ කතා කිරීමට නොවන බව පැවසූ දොලවත්ත මහතා, භාෂා දැනුම ගැටලුවක් නම් ඒ සඳහා ප්‍රවීණ භාෂා පරිවර්‍තකයන් සිටියදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මට්ටමේ වගකීම් පැහැර හැරීමෙන් විදේශ අමාත්‍යාංශයේ සහ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික දුර්‍වලතාව මැනවින් පෙන්නුම් කරන බවද කියා සිටියේය. එමෙන්ම, මෙරට මුහුදු සීමාව ආශ්‍රිතව ඉරාන නෞකා විශාල ප්‍රමාණයක් රඳවාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළ ඔහු, මීට පෙරද මෙරට මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් ගිනිගෙන මුහුදුබත් වීමේ අමිහිරි අත්දැකීම් රට හමුවේ පවතින බව සිහිපත් කළේය. මෙවැනි බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම් සහ නිසි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත විවේචනය කළ හිටපු මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිටියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකරමින් මහමඟ උද්ඝෝෂණය කළ පිරිස, අද ඊටත් වඩා මර්‍දනකාරී නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට චෝදනා කළේය. පැවති පනත යටතේ පොලිස් බලතල හමුදාවට පවරා නොතිබූ පසුබිමක, සාමාන්‍ය ජනතාව සමඟ ගනුදෙනු කිරීම පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් නොමැති හමුදාවට පොලිස් බලතල පැවරීමට නව පනත මඟින් කටයුතු කරමින් සිටින බවත්, පනත අහෝසි කරන බවට දුන් පොරොන්දු කඩකරමින් ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව මර්‍දනය කරමින් සිය බලය තහවුරු කරගැනීමේ උත්සාහයක් බවත් ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

