FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලාබ ලබන්න කරන සංගීත ප්‍රසංගවලදී ගීත රචකයන්ට, නිර්‍මාණකරුවන්ට මුදල් ගෙවන්න ඔ්නෑ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බුද්ධිමය දේපළ පනත සහ ගීත හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිර්‍මාණය වූ කතාබහ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ, ලෝකයේ මෙන්ම මෙරට බුද්ධිමය දේපළ නීතියට අනුවද ගීතයක සැබෑ අයිතිය පවතින්නේ එම ගීතයේ රචකයා සහ සංගීත නිර්‍මාණකරුවා සතුව බවයි. විවිධ ගායක ගායිකාවන් විසින් එම නිර්‍මාණ ගායනා කළද, නිර්‍මාණකරුවන්ගේ බුද්ධිමය හිමිකමට සාධාරණ වටිනාකමක් හිමිවිය යුතු බවට ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ සංගමය දීර්‍ඝ කාලයක සිට සාකච්ඡා කරමින් සිටින බව හෙතෙම පැවසීය. කෙසේ වෙතත්, එම සංගම් ඉල්ලා සිටින්නේ මූල්‍යමය ලාභ අපේක්ෂාවෙන් ටිකට්පත් අලෙවි කර පවත්වනු ලබන ප්‍රසංගවලදී පමණක්, ගායකයාට ගෙවීම් සිදු කරන අයුරින්ම එම උපයන ආදායමෙන් යම් ප්‍රතිශතයක් ගීත රචකයාට සහ සංගීත නිර්‍මාණකරුවාට ද සාධාරණ ලෙස ලබාදිය යුතු බව පමණක් යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. හෝටලයකදී ගීතයක් ගැයීම හෝ වාදනය කිරීම, මංගල උත්සවයකදී හෝ වෙනත් සාමාන්‍ය උත්සවයකදී ගීතයක් ගායනා කිරීම වෙනුවෙන් මුදල් ගෙවිය යුතු බවට කිසිදු නීතියක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යවන සුළු වැරදි මතයක් සහ ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad