
ඊළග ආණ්ඩුවත් අපිමයි.. ජනාධිපතිත් අනුරමයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පාර්‍ශ්වය සූදානම් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනතාව තීරණය කරන ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය යටතේ තරග වැදීමට ජාතික ජන බලවේගයට කිසිදු බියක් නොමැති බවද කියා සිටියේය. මහජන දේපළ කොල්ලකෑ, හොරකම් සහ වංචා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට ජනතාව හමුවේ වූ පොරොන්දුව අකුරටම ඉටු කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය වන නීතියේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට අදාළ සියලු මැදිහත්වීම් රජයක් ලෙස මේ වන විටත් සිදු කර අවසන් බව පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ රට විනාශ කළ හොරුන්ට යළි මේ රටේ පාලනය භාර දීමට මෙරට ජනතාව කිසිසේත්ම සූදානම් නොමැති බවද හෙතෙම සඳහන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ හොරකම් සහ වංචා නොකරන, දේශපාලනය යනු ගරු සේවයක් ලෙස සලකන ඕනෑම කෙනෙකුට ස්වාධීනව හෝ දේශපාලන පක්ෂ ඔස්සේ ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට හැකියාව පවතින බවත්, එලෙස තරග වදින කිසිදු පාර්‍ශ්වයක් ජාතික ජන බලවේගයට අභියෝගයක් හෝ තරගයක් නොවන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

