
වමනය බෑගයක් විසිකර ලංගම බසයේ වීදුරුව කැඩුවයි මගියෙකුට ලොකු දඩයක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ අඹුසැමි යුවලක් සිය දරුවා සමග බගවන්තලාව දක්වා ගමන් කර ඇති අතර, සිය දරුවා විසින් බස් රථය තුල වමනය කර ඇති අතර, එම වමනය පියා විසින් පොලිතින් මලුවකට රැගෙන එම මාර්‍ගයේ නෝර්‍වුඩ් ප්‍රදේශයේදි ජනේලයෙන් ඉවතට වීසි කිරිමේදි එම බෑගය රියදුරු අසුනේ ඉදිරිපස වීදුරුවේ වැදී ඇත. බස් රථයේ රියදුරන් දෙදෙනාම සිද්ධිය සම්බන්ධයෙන් නෝර්‍වුඩ් පොලිසිය වෙත එම මගියාද රැගෙන ගොස් පැමිණිලි කිරිමට යෑමේදි වරද සිදු කල මගියා විසින් සිය වරද පිළිගෙන එම මුදල තම ඩිපෝව වෙත පැමිණ අදාළ මුදල ගෙවා සිද්ධිය සමතයකට පත් කල බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ. බස් රථයේ ගමන් ගන්නා මගීන්ට කිසිදු දුව්‍යක් තමන් ගමන් ගන්නා බස් රථයෙන් ඉවතට නොදමන ලෙසට උපදෙස් ලබා දුන්නද ඇතැම් මගීන් එය නොපිලි පදිමින් කටයුතු කරන නිසා මෙවැනි විපත් සිදු වන බවයි ඩිපෝ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.
Google AdSense
In-Article Ad

