FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඩබල් කැබ් දාහක් රජයට ගෙනේ...

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්‍ථික සංවර්‍ධන අමාත්‍යාංශය මඟින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවනු ලබන අතර, පසුගිය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන ලද මෙම ටෙන්ඩරය 2026 ඔක්තෝබර් 22 වනදායින් අවසන් වීමට නියමිතය. මීට අමතරව ට්‍රැක්ටර් රථ 175ක්, බැකෝ යන්ත්‍ර 100ක්, ගලි බවුසර් 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීම සඳහාද අදාළ අමාත්‍යාංශය විසින් වෙන වෙනම ලංසු කැඳවා ඇත. මෙම ප්‍රසම්පාදන අතරින් විශාලතම මිලදී ගැනීම ඩබල් කැබ් රථ ටෙන්ඩරය වන අතර, පසුගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් රථ 1,775ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයට සාපේක්ෂව මෙවර තාක්ෂණික සහ සුදුසුකම් සපුරාලීමේ කොන්දේසි රැසක් ලිහිල් කර තිබීම විශේෂත්වයකි. 2025 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් කැඳවන ලද රථ 1,775ක ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබුණේ රජයේ වැඩකරන දින 7ක් ඇතුළුව දින 12ක් වැනි කෙටි කාලයක් පමණි. එමෙන්ම එහි කොන්දේසි එක් සැපයුම්කරුවෙකුට පමණක් වාසිදායක වන අයුරින් සකස් කර ඇති බවට එල්ල වූ බරපතළ විවේචන හමුවේ එම ප්‍රසම්පාදනය පසුව අත්හැර දැමිණි. කෙසේවෙතත්, මෙවර හඳුන්වා දී ඇති නව නිර්‍ණායක අනුව එන්ජින් ධාරිතාව අවම වශයෙන් 2,500 cc විය යුතු බවට පැවති කොන්දේසිය 2,400 cc දක්වා අඩු කර ඇති අතර, අවම එන්ජින් බලයද සියයට 7 කින් පහත හෙළා තිබේ. එමෙන්ම වාහනයක බර ඇදීමේ හැකියාව තීරණය කරන Torque සියයට 12.5 කින් අඩු කර ඇත. මීට පෙර රථයක බිම් මට්ටමේ සිට උස (Ground clearance) මිලිමීටර් 300 ඉක්මවිය යුතු බවට අධික සීමාවක් පනවා තිබුණද, මෙවර එය මිලිමීටර් 220 ට වඩා වැඩි විය යුතු ලෙස සංශෝධනය කර ඇති බැවින් තරගකාරී සමාගම් රැසක රථ මාදිලි සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසේ. තනි සැපයුම්කරුවෙකු ඉලක්ක කර ඇති බවට පසුගිය වසරේ එල්ල වූ චෝදනාවලට හේතු වූ අනෙකුත් සුදුසුකම්ද මෙවර සංශෝධනය කර ඇත. ඒ අනුව, ලංසුකරුවන්ට දිවයින තුළ සේවා මධ්‍යස්ථාන 10ක් තිබිය යුතු වුවද ඉන් ආයතනය සතු මධ්‍යස්ථාන විය යුත්තේ 5ක් පමණක් වන අතර, බලයලත් නියෝජිත මධ්‍යස්ථානද ඒ සඳහා වලංගු වේ. මීට පෙර බස්නාහිර පළාතෙන් පිටත මධ්‍යස්ථාන 5ක් ඇතුළුව සියලු මධ්‍යස්ථාන 10ම අදාළ සමාගම සතු විය යුතු විය. ඊට අමතරව, අදාළ වාහන මාදිලියෙන් මීට පෙර අලෙවි කර තිබිය යුතු රථ සංඛ්‍යාව 1,000 සිට 500 දක්වාද, සමාගමේ සාමාන්‍ය වාර්‍ෂික පිරිවැටුම රුපියල් බිලියන 10 සිට බිලියන 8 දක්වාද පහත හෙළා තිබේ. කෙසේවෙතත්, ලංසු සුරැකුම්පත රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 250 දක්වා පස් ගුණයකින් ඉහළ නංවා ඇති අතර, ණය පහසුකම් හෝ ද්‍රවශීල වත්කම් මඟින් රුපියල් බිලියන 5 ක මූල්‍ය ශක්තියක් තහවුරු කිරීමද නව ටෙන්ඩරය මඟින් අනිවාර්‍ය කර ඇත.

Google AdSense

In-Article Ad